Saturday, May 16, 2009

ප්‍රථම නැණසල තොරතුරු තාක්ෂණ තානාපති හමුව 2009-05-14

2009-05-14 දින නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ දී පෙ.ව. 10.00ට පමණ ප්‍රථම නැණසල තොරතුරු තාක්ෂණ තානාපති හමුව ආරම්භ විය.

ව්‍යාපෘති ප්‍රධානී දිල් පියරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම ප්‍රථම තානාපති හමුවට ව්‍යාපෘති උපදේශක ජේ.කේ. පෙරේරා මහතා, ව්‍යාපෘති නිලධාරී ඇම්.වී.සරත් ද සිල්වා, ව්‍යාපෘති නිලධාරී ජනක මංජුල මහතා ඇතුළු ICTA නියෝජිතයින්ද නැණසල තොරතුරු තාක්ෂණ තානාපති වරුන්ද සහභාගී විය.

මෙම අවස්ථාවේ දී ව්‍යාපෘති ප්‍රධානී දිල් පියරත්න මහත්මිය අදහස් දක්වමින් නැණසල මධ්‍යස්ථාන සංවර්ධනය සදහා අත්දැකීම් සහිත නැණසල ක්‍රියාකරුවන්ගේ සහයෝගය අනෙකුත් නැණසල මධ්‍යස්ථාන වෙත ලබාදීමත් සාමූහික සහයෝගිත්වයෙන් සියළු දෙනාගේම අභිවෘද්ධිය ලබාගත හැකි බවත් එම සහයෝගයෙන් සියළුම නැණසල සක්‍රීය කර ගැනීමට බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියාය.
එමෙන්ම ව්‍යාපෘති උපදේශක ජෙ.කේ. පෙරේරා මහතා අදහස් දක්වමින් මෙලෙස තානාපති වරුන් පත් කිරීමට අවස්ථාවක් ලැබීමට හැකිවීම මහත් අභිමානයක් බවත් එම අභිමානය තවදුරටත් අර්ථවත් ව‍න‍්නේ දැනට ස්ථාපිත කර ඇති නැණසල මධ්‍යස්ථාන ඉතාමත් සාර්ථකව පවත්වාගෙන යාමට ඉදිරියේදි ඔබ දක්වන දායකත්වය මත බවත් වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේය.
රැස්වූ තානාපති වරුන් විසින් නැණසල නගාසිටුවීම සදහා සියළුම දෙනා‍ගේ එකගත්වයෙන් පහත සදහන් යෝජනා ඉදිරිපත් කරන ලදී
1-මසකට වරක් තමන්ට අදාළ නැණසල මධ්‍යස්තාන වෙතට ගොස් අවශ්‍ය සහයෝගය ලබාදීම.
2-පවතින ගැටළු ඇතුළුව නැණසලවල වර්තමාන තත්ත්වය පිළිබද තොරතුරු ලබාගැනීමට සමීක්ෂණ පත්‍රිකාවක් පිළියෙල කිරිම.
3-නැණසල ක්‍රියාකරුවන්ගේ අදහස් හා ‍යෝජනා ලබාගැනීම.
4-අත්දැකීම් බෙදා හදා ගැනීම සදහා මසකට වරක් තානාපතිවරුන් රැස්වීම.
5-නැණසල සංවර්ධනය සදහා යෝජනා පත්‍රයක් සකස් කිරීම(තානාපති වරුන්ගේ අත්දැකීම් හා පළපුරුද්ද සමග).
6-අක්‍රීය නැණසල මධ්‍යස්ථානවල පරිසරය අනුව නව සේවාවන් ක්‍රියාත්මක කිරීම.
7-පොදුවේ තානාපතිවරුන්ගේ අදහස් හුවමාරු කර ගැනීම Blog එකක් සහ Mail Group එකක් නිර්මාණය කිරිම
නැණසල තානාපති වරුන්ගේ නැණසල සක්‍රීය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ICTA ‍වෙතින් අපේක්ෂා කරන සහයෝගය,
1-තානාපතිවරුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සදහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම.
2-තානාපතිවරු කටයුතු කළ යුතු රාමුව, ඔවුනට හිමි බලතල සහ වගකීම පිළිබද පැහැදිලි කිරීමක් ලබාදීම.
3-ගුණාත්මක සේවයක් ලබාදීම පිණිස කිසියම් සාධාරණ ගෙවීමක් ලබාදීම.
4-තානාපතිවරුන් විසින් නංවාලීමට කටයුතු කරන නැණසල මධ්‍යස්ථාන දිරිගැන්වීමේ අරමුණින් කිසියම් ඇගයීමක් සිදුකිරීම.
5-මාස 03ක කාල රාමුවකින් පසුව තානාපතිවරුන්ගේ සේවය ICTA මගින් ඇගයීමට ලක් කළ යුතුය.
6-තානාපතිවරුන් හා සම්බන්ධවීමට ICTA ආයතනය වෙනුවෙන් බලයලත් නියෝජිතයකු පත් කිරීම.
7-තානාපතිරුන් විසින් සංවිධානය කරන වැඩසටහන් සදහා භාවිතා කිරීමට තාක්ෂණික උපකරණ ලබාදීම (උදා- Multimedia Projector, Laptop, 3G Dongle)
වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමේදී මතුවිය හැකි ගැටළු
1-රාජ්‍ය අංශය තුළ නැණසල පිළිබදව දක්වන සහයෝගය ප්‍රමාණවත් නොවීම.
2-ප්‍රවාහන දුෂ්කරතාවයන්
3-තානාපතිවරුන්ගේ නැණසලවල පවතින තාක්ෂණික ගැටළු
4-නැණසල ක්‍රියාකරුවන් තුළ පවතින සෘණාත්මක ආකල්ප
5-නිවැරදි තොරතුරු සපයා ගැනීම
6-නැණසල ක්‍රියාකරුවන් වැඩසටහන් සදහා ගොනු කර ගැනීමේ දුෂ්කරතාවයන්
7-නැණසල වල දැනට පවතින් තාක්ෂණික ගැටළු
8-සමහර නැණසලවල මුලින් සිටි ක්‍රියාකරුවන් දැනට නොමැතිවීම
9-දැනුම පුහුණුව ලත් ක්‍රියාකරුවන් නැණසල තුළ නොමැතිවීම
ආදී ගැටළු දැනට හදුනාගෙන ඇත.

No comments:

Post a Comment